Spread the love

වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි ගොවිපලකට ඇතුලු වී විදුලිසැර වැදීමෙන් මිය ගිය දැවන්ත වන අලියෙකුගේ සිරුරක් (09) සොයාගත් බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

වනඅලියා ගොවිපලට පිවිසෙන මාර්ගයේදී මෙලෙස අනවසරයෙන් විදුලි රැහන් ඇද වනඅලියාට විදුලිසැර වැදීමට සලස්වා ඇතැයිද සැකපලකරන බව වනජීවි නිලධාරීන් පැවසීය.

විදුලිසැර වැදීමෙන් වන අලියා මිය ගොස් ඇති අතර වනඅලියා ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂණ සිදුකරන ලදි.

එහිදී අදාල ගොවිපලේ සිටි අයෙකු අනවසර විදුලි රැහැන් ඇදීමෙන් විදුලිසැර වැදී වනඅලියෙකු මිය යාමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසියට භාරදීමට වනජීවි නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.