Spread the love

ශ්‍රී ලංකාවේ මේ මොහොත වන විට නිවාස ලක්ෂ හයක පමණ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

විදුලි ගාස්තු ජනතාවට ගෙවීමට හැකිදැයි ගැටලුවක් පවතින බවත්, ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ යාමක් සිදුවී නොමැති බවයි අද (24) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලයට විශාල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුව ඇත්තේ, විදුලිබල මණ්ඩලය හරහා සිදුවන වංචා දූෂණ නාස්තිය නිසා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.