Spread the love

හෙට (06) දිනයේ පැවැත්වෙන මහජන විරෝධතාව සහයෝගය දක්වමින් මෙරට සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල ඇතැම් සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි

,ආගමන විගමන නිලධාරීන් විසින් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ප්‍රභූ සහ විශේෂ සත්තාරක මගීන් සඳහා වන සේද මාවත ( VIP-CIP) පර්යන්තවල මෙහෙයුම් නවතා දමන බවයි එම සංගමය පවසන්නේ.

රට තුළ පවතින අර්බුදය මුල් කර ගනිමින් හෙට දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා විශා​ල වෘත්තීය සමිති ප්‍රමාණයක් එක්වන බවයි වෘත්තීය සමිති සඳහන් කරන්නේ.