Spread the love

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා, දේශීය ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව, දේශීය ගුවන් ගමන් සඳහා සුදුසු වන පරිදි ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ හරහා ලංකාවේ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන්ට ඒ සමාගම්වලට ගුවන් යානා ගෙන ඒමට හැකි බවද, ඔවුන්ට මේ හරහා යම්කිසි ලාභයක් ඉපැයිය හැකි බවද ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.