Spread the love

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඉදිකල නව ඉලෙක්ට්‍රොනික තීරු බදු සාප්පු සංකීර්ණය අද (03) දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණ.
ගුවන් තොටුපල අභ්‍යන්තර සංවර්ධන කටයුතු රාශියක් මේ වන විට නිම වී ඇති අතර එම ව්‍යාපෘතිවලින් එක් ව්‍යාපෘතියකි මේ . මෙම සාප්පු සංකීර්ණය පැමිණීමේ පර්යන්තයේ විවෘත කල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුලත් මෙම සාප්පු සංකීර්ණ යයි. මේ තුළින් රැකියා සඳහා විදේශ රටවල ගොස් මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් ඇතුළු මෙරටට පැමිණෙන සංචාරකයින්ට විශාල පහසුකමක්ද, නිසි ප්‍රමිතියෙන් යුතු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තෝරා ගැනීමටද හැකි වන බව ගුවන්තොටුපල සමාගම අවධාරණය කරයි.


මෙම සාප්පු සංකීර්ණයේ සාප්පු 31 ක් ස්ථාපිත කර ඇති අතර ජනතාවට උපරිම ගුණාත්මක සේවාවක් ලබා දීම අරමුණු වී ඇත.
මාසික කුලී පදනම මත ලබා දී ඇති මෙම සාප්පු සංකීර්ණයෙන් මාසිකව රුපියල් මිලියන 30 ක් පමණ ආදායමක් ගුවන්තොටුපල සමාගම බලාපොරොත්තු වේ.
මෙම සාප්පු සංකීර්ණය විවෘත කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසු ගිය කාලයේදී ගුවන්තොටුපලේ පිහිටි සාප්පු වලින් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට විශාල අසාධාරණකම් වලට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඉදිරියේ එවැනි දේ සිදු වීමට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ. එවැනි අක්‍රමිකතාවයන් සිදුවුවහොත් වහාම බදු ගිවිසුම අවලංගු කරන ලෙසට මම ගුවන්තොටුපල සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත‍
මෙම උත්සව අවස්ථාවට ගුවන්තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික (මේජර් ජෙනරාල්) ජී.ඒ. චන්ද්‍රසිරි, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය