Spread the love

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

විරෝධතාකරුවන් පා ගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.