Spread the love
-පියා කමල් රණසිංහ-


මරදගහමුල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් 6 වසර පංතියක දරුවකුට එල්ල කල කණේ පහරකින් එම දරුවාගේ කණ් අඩිය පැලී ප්‍රතිකාර සදහා ගම්පහ මුලික රෝහලට ඇතුළු කො ට තිබේ.
මෙසේ ප්‍රහාරයට එල්ලවි ඇත්තේ ආකාෂ් මනුජ රණසිංහ නැමැති හය වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවාට බව පියා වන කමල් රණසිිංහ මහතා පවසයි.
තම පංතියේදී වෙනත් සිසුවකුට ලියා ගන්න බැරිවූ පාඩමක් ලියා ගැනීමට තම පොත එම සිසුවාට දුන්නාට උරණවු ගුරුවරිය තම දරුවාගේ කණට ප්‍රහාරයක් එල්ල කොට තිබෙන අතර එහිදි දරුවාගේ කණෙන් කිසියම් ශ්‍රාවයක් ගැලමට පටන් ගෙන ඇතැයිද පියා පවසයි. පසුව එය දුටු ගුරුවරුන් කණ සෝදා ගන්නැයිද පවසා තිබේ. කෙසේ හෝ නිවාසට පැමිණි දරුවා රෝගාතුරවී ගම්පහ මුලික රෝහලට ප්‍රතාකාර සදහා ඇතුළු කොට තිබේ. මේ වනවිට කණ නිල්පාට වි තිබෙන අතර දැනට ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අදාල සිද්ධිය පාසලේ විදුහල්පතිවරයාට දැන්වු විට දරුවාට රෝහල් ගත කරන ලෙසත් ප්‍රතිකාර සදහා යන වියදම් ලබා දෙන බවද පවසා තිබේ. එම ගුරුවරිය මීට පෙරද මෙවැනිම ප්‍රහාර දරුවාට එල්ලකොට ඇතැයි ද කමල් රණසිංහ මහතා පවසයි. මට විදුහල් පතිතුමාගේ මුදල් අවශ්‍ය නැත.
අධ්‍යාපන ඇමතිතුමණි ජනාධිපති තුමණි මෙවැනි දේවල් වෙනත් දරුවකුටවත් නොවන්නට මේ පිළිබදව වහාම පරික්ෂණයක් පවත්වා අදාල ගුරුවරියට විරුද්ධව විනය පියවර ගන්නැයි දරුවාගේ පියාවන කමල් රණසිංහ මහතා ඉල්ලා සිටි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න