Spread the love

තංගල්ල වැලිවැන්න නොටොල්පිටිය ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිලධාරීන් මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව තංගල්ල පොලිසිය පවසයි .

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක්වූ වැලිවැන්න නොටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.