Spread the love

පුලියන්කුලම තුවනේරි වැව අසල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක් වූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු (07) අද වව්නියාව මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.