ගෑස් මෙට්රික් ටොන් 2800 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමින ඇති බැවින් අද පස්වරුව වන විට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
මේ වනවිට ගෑස් නෞකා දෙකකට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීමක් අද දිනයේ සිදු කරන බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.
ඒ කෙසේ වෙතත් අද දිනයේත් දිවයින පුරා ප්රදේශ රැසක දිගු ගෑස් පෝලිම්වල ජනතාව සිටිනු දක්නට ලැබිණ.