Spread the love

ජාතික ජන බලවේගය අද වන විට ධෛර්යවන්ත ගැහැණුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව 2024 ජයග්‍රහණ ගැන යම් කුකුසක් තිබුනේ නම් අද වන විට එම කුකුස මුළුමනින්ම අහවර වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.

මෙරට කාන්තාවන් නැඹුරුවන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරන බවට මතයක් ඇති බවද පැවසූ ඔහු 2024 වසරට පියාගන්නේ 2023 අභිබවා යන මහා ජනතාව ව්‍යාපාරයක් ලෙස බවද කියා සිටියේය.