Spread the love

ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් සියයට 4කින් පමණ ඉහළ ගොස් ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට ශ්‍රි ලංකාවට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට ඇතිබවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසන්නේ.

ඔහු පැවසුවේ ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බවයි.

එබැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ.

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයිද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය