Spread the love

නාගොඩ -සුමන.

කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු පස් කන්දට යටවී එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් තිදෙනෙකු පස් කන්දට සම්පූර්ණයෙන්ම යට විය.

පස් කන්ද කඩා වැටීමෙන් පස් කන්දට යටවී එක් අයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.

අනෙක් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතිබව ආපදා කළමනාකරණ ඒකකයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය වැඩිදුරටත් පවසයි.