Spread the love

ග්‍රාම නිලධාරීන්, අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ද ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පවසයි.
ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබේ.

එයට සමගාමීව අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.