Spread the love

නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය බ්‍රවුන්ලෝ 320/එන් ග්‍රාමසේවා වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරිවරයෙක් ලබාදෙන ලෙස බලකරමින් එම වතුයායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරත විය.

සිව් වසරක් තිස්සේ තාවකාලිකව පත් කරන ලද ග්‍රාමසේවා නිලධාරියෙකු විසින් තම වසමේ සතියකට වරක් කාර්යාලය වෙත පැමිණ සේවය කරන බවත්, එම ග්‍රාමසේවා නිලධාරිවරයා තම වසමට අමතරව තවත් ග්‍රාමසේවා වසම් කිහිපයක සේවය කරන බවයි උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ.

තම වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරියෙකු නොමැති විම හමුවේ ගැටළු රැසක් මතු වි ඇති බවත්, බ්‍රවුන්ලෝ 320/එන් ග්‍රාමසේවා වසමෙන් වතු ගණනාවක් ආවරණය වන බවත්, පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි ග්‍රාමසේවා නිලධාරිවරයාගෙන් සිදු කරගත යුතු සේවවාන් රැසක් සිදු කර ගැනිමට නොහැකි වි ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

තවද තම දරුවන් රැකියාවන් සදහා අයදුම් කිරිමේදි සහ සම්මුඛ පරික්ෂණ සදහා ඉදිරිපත් විමේදි ග්‍රාමසේවා සහතිකයක් ඉදිරිපත් කල යුතු බවත්, පවත්නා තත්ත්වය මත එම සහතිකය ලබා ගැනිමට නොහැකි වි ඇති බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.

එම වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරියෙකු ලබා නොදිම සම්බන්ධයෙන් අප නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාමසේවා නිලධාරිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද එය ව්‍යාර්ථ විය.