Spread the love

නාගොඩ සුමන

ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකිය.
සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට හැකි අයුරින් දීප්තිමත්ව නිරීක්ෂණය වන බව පැවසීය.
යුරේනස් සහ නෙප්චූන් ද දුරේක්ෂයකින් නිරීක්ෂණය කර හැකි බව අධ්‍යක්ෂවරයා පැවසීය.
එම ග්‍රහලෝක සියල්ල එක පෙළට ලබන 29 වැනිදා දක්වා හිරු බැස යාමත් සමඟ විනාඩි 90 ක් තුළ හොඳින් දැකගත හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.