Spread the love

නිමල් රාජපක්ෂ-
දිවයින පුරා සිදු කළ වැටලීම් වලදි ගතවු මාස නවය තුළ මත්පැන් නිෂ්පාදනාගාර 85 ක් සමගින් සැකකරුවන් හයසියයකට වැඩි පිරිසක් කොටුකර අධිකරණ වෙත ඉදිරිපත්කොට බලපත්‍ර ලාභීන්ගේ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ලබාදී ඹවුන්ගෙන් සමථ ගාස්තු අයකර රුපියල් හතළිස් හතර ලක්ෂ තිස්නමදාස් අටසියයක දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව මධ්‍යපලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පවසයි.


ඌව , මධ්‍ය හා සඹරගමුව යන පළාත් ආවරණය කරන සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ට මේ වසර අවසන් වනවිට සිදු කල යුතු ග්‍රහන ඉලක්ක දැනටමත් සම්පුර්ණ කර අවසන් බවද පවසයි.

නිලධාරීන් 25 දෙනෙකු සිටියයුතු වුවත්මධ්‍ය පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම ඒකකයේ නිලධාරින් දස දෙනෙකුගෙන් වැටලිම් සිදු කිරීම නිසා රාජකාර ඉටු කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවද හෙළිවිය..

එවැනි දුෂ්කරතා තිබියදිත් ඉතා සාර්ථක ලෙස වැටලීම් 680 ක් සිදුකොට දෙසැම්බර් මස 31 වැනි දිනට ලබා දී ඇති ග්‍රහන ඉලක්ක නමවන මාසය අවසන් වනවිට සපුරා ඇතැයිද සරත් ජයවීර මහතා පැවසුවේය.


මෙසේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 85 ක් බලපත්‍ර නොමැතිව අරක්කු විකුණු ස්ථාන 28 ක් , බලපත්‍ර නොමැතිව බියර අලෙවිකළ ස්ථාන 131 ක් , නීති විරෝධී මත්පැන් ලගතබාගෙන සිටි සැකකරුවන් 390 ක් හා විකිනූ ස්ථාන දෙකක් කොටුකර ගැනීමට මධ්‍ය පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත්වී ඇත.

විඩියෝව නරඹන්න .

සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතාගේ උපදෙස් මත, සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර මහතාගේ අධික්ෂණය යටතේ ,.මහනුවර සුරාබදු අධිකාරී ටී.එම්.බී තිලකරත්න මහතාගේ මෙහෙයවිමෙන් , මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා ඇතුළු නිලධාරින් මෙම වැටලීම් සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න