Spread the love

දිවයිනේ නිරිත දිග කොටසට හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට බලපා ඇති තද සුළං අවධානම් ගස් කඩා වැටීමෙ අවධානමක් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන් ගස් යට රැදීසිටීම,වාහන නතර කර තැබීම ඉතා අවධානම්ය. ඇතැම් ගස් ඉගිලී වැටීමට ඉඩ තිබේ.

ඇතැම් ගස් වල විශාල අතු කඩා වැටිමට හැකිය.

ඒ හේතුවෙන් තද සුළං පවතින අවස්ථාවල ඒ පිළිබඳව අවධානය යොමුකිරීම ඉතා වැදගත් වෙයි.

මේ අතර පවතින තද සුළං හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් පසුගිය පැය 72 තුල ගස් කඩා වැටීම් වාර්තා විය.