Spread the love

වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වයඹ පළාතේ ගවයන් අතර සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන තිබේ.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන Lumpy Skin disease නැමති වෛරස් රෝගය මේ වන විට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බවයි වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා සඳහන් කළේ.