Spread the love

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි (26) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම සිසුවා කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත්, ජිවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නාමට ගොස් ඇත.

එම අවස්තාවේ පසිදු චමෝද් දියා නැමට ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලකට බැස දිය නාමින් සිටියදි දියේ ගිලි ඇත.

අසල්වාසින් සහ ගලබඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ සිටි පිරිසක් දියේ ගිලි සිටි සිසුවා ගොඩට ගෙන 1990 සුව සැරිය ගිලන් රථයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන අවස්තාවේ මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.