ගම්පහ නගරයේ 200 පොදු බස් නැවතුම්පොළ අසලදී අද රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ධාවනය වෙමින් තිබු ලොරි රථ්‍යකට වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත.
වෙඩිතැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.