Spread the love

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.

අද (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමේන් තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි චාමර නදි සදරැවන් නැමැති යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු සහ 30 හැවිරිදි අසිත දේවින්ද නැමැති යතුරුපැදි අලෙවිසැලේ සහයකයාය.