Spread the love

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදුව ඇති පිපිරීමකින් එක් සේවකයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇත.

අධික ලෙස රත් වූ බොයිලේරුවක් පිපිරීමකින් මෙම අනතුර සිදු වන්නට ඇතැයි සැක කරයි.

තුවාලකරුවන් ගම්පහ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.