Spread the love


නිමල් රාජපක්ෂ-

ගම්පහ, මහර ,අත්තනගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්අධිකරණ වෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර ලත් හෝටල් ආපශාලා හා රටබීම හල්වල සිදු කළ වැරදි සදහා බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු අයකර රුපියල් හැටහත් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට ගම්පහ සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි 2024 වසරේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හා මත්පැන් ජාවාරම් සිදුකළ සැකකරවන් 706 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වු බව ගම්පහ සුරාබදු ස්ථානාධිපති රෝහාන් රණසිංහ මහතා පැවසුවේය.
මෙම වැටලීම් වලදි මහාපරිමායෙන් ප වත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර අත්තනගල්ල හා රාගම ප‍්‍රදේශයෙන්ද , තෙන්ඩු කොල විශාල තොගයක්ද ,කඩවත හා මීගමුව ප්‍රදේශයෙන් ෆේස්බුක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙහිදී ම්ත්ජාවාරමේ යෙදුනු සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 53 න් ලක්ෂයක දඩ ආදායමක් ලබාගැනීමට සම්ත්වී ඇත.
හෝටල් ආපනශාලා හා රටබීම හල් 90 ක් වටලා අදාල බලපත්‍ර ලාභීන්ට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් පහලොස් ලක්ෂයක සමථ ගාස්තුවක් අයකර ගෙන තිබේ.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රෝහාන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂකවරුන්වන සේනාධිර , ළහිරු ප්‍රනාන්දු ,සුරාබදු කෝප්‍රල් වරුන්වන අතපත්තු ,වරකාගොඩ ,චින්තක රංගජීව, සරත් කුමාර ,ළහිරු,චානක හා අසේල .රියදුරු රවීන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.