Spread the love

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගළු ඔයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා ඉහළ නැග තිබේ.

ඒ හේතුවෙන් අත්තනගලු ඔය දෙපස පහත් බිම නම් වල වෙසෙන ජනතාව දැඩි ලෙස විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ වන විට කාසල්රි ජලාශය ද වසර තුනකට පසු වාන් දැමීමට පටන් ගෙන ඇති නිසා කැළණි ගගේ ජල මට්ටමද ඉහල නගිමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද පස්වරුවේද මෙම ප්‍රදේශයන්ට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවයි.