Spread the love


නිමල් රාජපක්ෂ-

පැරිස් නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයකුගේ ගමන් මළුවල සගවා තිබු රුපියල් මිලියන 85 ක් වටිනා රත්රන් පොලු හා ස්වර්ණාභරණ  තොගයක් රේගු නිලධාරී අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් රත්රන් හා ස්වර්ණාභරණ තොගයේ කිලෝ 4 ග්‍රෑම් 611 ක් බරති රත්රන් තොගයක් සොයාගැනීමට රේගු මැණික් හා තක්සේරු අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

අදලා සැකකරු උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක UL 501 ගුවන් යානයෙන් මෙරටට ඇති අතර එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබද සැකසිති කළ පරික්ෂාවකදී මෙම රත්රන් තොගය සොයා ගැනීමට රේගු නිලධාරින් සමත්වී ඇත.