Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ මුම්බායි නගරය වෙත යාමට පැමිණි ඉන්දියානු ජාතිකයින් පස්දෙනෙකුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී රුපියල් මිලියන 160 ක් වටිනා රත්රන් තොගයක් සමගින් අදාල ඉන්දියන් ජාතිකයින් 5 දෙනා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යාමට සැලසුම් කර තිබියදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඪ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

අදාල ඉන්දියානු ජාතිකයින් ගේ ගමන් මළු පරික්ෂා කිරිමේදි එහි සගවා තිබු රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් හා රන්ආභරණ කිලෝ 10 ග්‍රෑම් 500 ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වි ඇත

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න


රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සමාජ ආරක්ෂණ ඒකකයේ ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂකවරයා හා ජේෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් හා සහකාර රේගු අධිකාරීවරුන් සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.