Spread the love

අනුව, නිල්වලා  ගගේ ජල   මට්ටම යිහල ගොස් ඇති   බැවින් අවට පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවාය.