Spread the love

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීවගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් අද (25) අලුයම 04ට පමණ වෙඩි තබා පළා ගොස් ඇත..

ගණේමුල්ල සංජීවගේ බිරිඳ, දියණිය, ඔහුගේ සහෝදරියක් සහ මව්පියන් නිවසේ සිට ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.ටී -56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.වෙඩි තැබීම පිළිබඳ ගණේමුල්ල සංජීවගේ බිරිඳ අද උදෑසන 11ට පමණ නීතීඥවරයෙකු ද සමඟ පැමිණ පැමිණිලි කළ බව ගනේමුල්ල පොලීසිය පවසයි.මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගණේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනුණු බව මෙරට බුද්ධිඅංශවලට වාර්තා වුව ද එය මෙතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නැති බව වාර්තා වෙයි.