Spread the love

ජා ඇල, ඒකල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් (14දා) සවස ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර කා බරපතළ තුවාල සහිතව රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ජා ඇල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ඒ කල, ගම්පහ පාරේ අංක 78/ B ලිපිනයේ පදිංචිව සිටි අමරසිංහ ආරච්චිගේ නුවන් කුමාර (අවු.45) නමැත්තෙකි.

ප්‍රදේශයට බලපවත්වන මහවැසි නිසා පීඩාවට පත්වූවන්ට පිසූ ආහාර මෙන්ම වියළි ආහාර බෙදමින් විශාල පිරිසක් ඒකල තොග වෙළෙඳසැලක් අසල රැස්ව සිටි අතර, මේ අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ කතා බහක් දුරදිග ගොස් ඇති වූ ගැටුමින් පුද්ගලයෙකු මරණකරුගේ සීම නවත්වයකින් පහරදී අනතිබවට තියුණු මූලික හෙළිවී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගෙන ඇතත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධියට සැකකරණ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත ජා ඇල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බවන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇල පොලීසියේ ව්ශේෂ කාර්යංශ ඒකකයේ සහ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.