Spread the love

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම ප්‍රදේශවල මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස ද දැනුම්දෙයි.

මේ අතර කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබේ.