Spread the love

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

, කළු ගඟ ආශ්‍රිතව පෝෂක ප්‍රදේශ වන පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට, අයගම, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ සහ මිල්ලනිය යන ප්‍රදේශ සඳහා ගංවතුර අවදානමක් ඇති බවයි.

නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබේ.