Spread the love

යුක්තිය මෙහෙයුමට අදාලව යාල බොල්හිදගල රක්ෂිතයේ අස්නගල රක්ෂිතයේ කල සෝදිසි මෙහෙයුමකදි අනවසරයේන වගා කර තිබු ගංජා හෙන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ලුණුගම්වෙහෙර පොලිසිය (18) ගංජා හේන් දෙකක් වටලා එක් ගංජා හේනක සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය .
වැටලීම සිදුකරන විට අනෙක් ගංජා හේනේ සිටි පුද්ගලයින් පලාගිය බව පොලිසිය පැවසීය .
ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් මල් අස්නගල රක්ෂිතයේ අක්කර 1/2 ක පමණ වගාකර තිබූ අඩි 7 ක් පමණ උස ගංජා ගස් 12920 ක් හමුවූ බවත් එහි සිටි එම සැකකරුවන් ඉදිරියේදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .

යාල බොල්හිදගල රක්ෂිතයේ වගාකර තිබූ අක්කරයක පමණ ගංජා හේනක් වටලා එහි වගාකර තිබූ අඩි 8 ක් උස ගංජා ගස් 15923 ක් සොයා ගෙන විනාස කර තිබේ. ස. සියලු ගංජා ගස් ගිණි තබා විනාශ කර තිබේ.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න ,හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි (1) ආර්.ඒ.පී.පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලුණුගම්වෙහෙර පොලිසියේ පොලිස් සැරයන් (62438) අජිත් , පොලිස් සැරයන් (38000) ඉන්දික යන මහත්වරු ඇතුලු නිළධාරින් මෙම වැටලිම සිදු කළහ.