Spread the love

වියලි ගංජා කිලෝ හයක් පොහොර උරයක දමාගෙන අලෙවි කිරීමට රැගෙන යමින් සිටි අයකු බෝගමුව වැව අසලදී ඊයේ (24) පෙරවරුවේ වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හකුරුවෙල ,ගජනායකගම පදිංචි 38 හැවිරිදි ගොවියෙකි
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීිමට නියමිතය.
සිද්ධිය පිළබද වීරකැටිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.