Spread the love

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.

එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ.