Spread the love

පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

වසර 25 කට ආසන්න සිය රාජ්‍ය සේවයේ අත්දැකීමුත්, වසර 20 කට ආසන්න විගණනය, රාජ්‍ය මූල්‍ය, ආදායම් කළමනාකරණය පිළිබඳව තිබෙන වෘත්තීමය පළපුරුද්දත්, පශ්චාත් උපාධිය ඇතුලු ශාස්ත්‍රීය අධ්‍යාපන පසුබිමත් පදනම් කරගෙන පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවක් මෙහෙයවීමේ අත්දැකීම් ද කැටි කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද දින කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබද කමිටු සභාපති ධූරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් විය.