Spread the love

බටහිර මුහුදු තීරයේදී රුපියල් කෝටි 200 කට අධික මත්ද්‍රව්‍ය රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවක් සමගින් ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් ලද තොරතුරක් මත බටහිර මුහුදු සීමාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධිවර යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබීය.

ඒ අනුව අද පස්වරුව වන විට අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අතර සිදුකළ පරීක්ෂා කිරීමකදි හෙරොයින් සහ අයිස් කිලෝ 100කට අධික ප්‍රමාණයක් එම යාත්‍රාව තුළ තිබී සොයාගෙන ඇත.

ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.