Spread the love


නිමල් රාජපක්ෂ-

්‍
හික්කඩුව දුම්රිය ස්ථානයේ රාත්‍රියේ ගාල්කර තිබු දුම්රිය වල රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයක් වටිනා දුම්රිය මැදිරි සම්බන්ධ කරන කේබල් සොරු කපා ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
කොළඹ සිට හික්කඩුව බලා ධාවනය වන දුම්රියයන් හික්කඩුව දුම්රිය ස්ථානයේ ගාල්කර තැබු අංක 62 .63 දරණ දුම්රියයන් වල මෙසේ මැදිරි සම්බන්ධ කරන කේබල් 14 ක් කපා ඇතැයිද පැවසෙයි.
මෙම කේබල් අඩි දහයක වැඩි දිගක් ඇති අතර දුම්රිය මැදිරි වලට විදුලිය සපයන මෙම කේබල් කුඩු කාරයින් රාත්‍රි කාලයේ කපාගෙන ගොස් ඇතැයිද අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේය.
හික්කඩු දුම්රිය ස්ථානයට මෙතෙක් නිලධාරී ඌනතාවය නිසා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා නොතිබු තිබිණ
අදාල සිද්ධිය පිළිබදව හික්කඩුව පොලීසියට පැමිණිලි කර තිබේ

කෝටි ගණනක කේබල් කැපීමෙන් පසු හික්කඩුව දුම්රිය ස්ථානයේ ගාල් කරන දුම්රියයන්ට ආරක්ෂාවක් නොමැති කමින් මේ මොහොත වනවිට දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඇතැයිද දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ ආකාරයෙන් පාදුක්ක හා රඹුක්කන යන දුම්රිය ස්ථානවල ගාල්කර දුම්රිය වල ආරක්ෂාව සදහාද දුම්රිය ආරක්ෂක නිලධාරින් යොදවා ඇතැයිද පැවසුවේය.