නිමල් රාජපක්ෂ
ඉතා රහසිගතව ඩුබායි රටෙන් මෙරටට රැගෙනවිත් මහා පරිමාණයෙන් මත්ජාවාරම මෙහෙයවු 23 හැවිරිදි තරුණියක් සමගින් රුපියල් එක්කෝටි පනස්හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ගම්පහ පහළයාගොඩ ප්‍රදේශයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් ග්‍රෑම් 780 තිබු බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස් පතිරණ මහතා පවසයි.
පහළ යාගොඩ ආරාම පාරේ පිහිටි තරණියගේ නිවස පෙරේදා (28) රාත්‍රි 8.00 පමණ පරීක්ෂාකල අවස්ථවේ ඇයගේ අල්මාරියේ තිබී මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් සමත්වී ඇත.
ඩුබායි සිට මත්පාර්සල් එක්එක්කෙනා බෙදා හැරිම සදහා අදාල 23 හැවිරිදි තරුණයට
එවන බවත් එසේ එවන මත්ද්‍රව්‍ය සිය මව දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කරන බැවින් උදේ වැඩට යන අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරිමේ රාජකාරියද ඉතා රහසිගතව කරගෙන යන බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
අදාල 23 හැවිරිදි දියණියගේ කාමරයේ අල්මාරියේ තිබී හොරොයින් තොගය සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
කොළඔ මැගසින් පාරේ පදිංචි මෙම අම්මයි දුවයි ළගදී පහළ යාගොඩ ආරාමපාරේ නිවසක් කුළියට අරගෙන මත්ජාවාරම ඉතා රහසිගතව සරුවට කරගෙන යන බවත් සුරාබදු නිලධාරින් අනාවරණය කර ගෙන තිබේ.
ඉදිරියේදි අදාල මවගේසහ තරණ දියණියගේ බැංකු ගිණුම් හා ජංගම දුරකථන සංවාද සම්බන්ධයෙන් විමර්ශනයක් පත්වන බවත් පතිරණ මහතා වැඩි දුරටත් පැවසුවේය.
අදාල තරුණිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා අප්‍රියෙල් මස 10 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස නියම කළහ.
.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස්. පතිරණ මහතාගේ උපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ජානක පෙරේරා පරීක්ෂක එ්කනායක කොප්‍රල්වරුන්වන ප්‍රභාත්, විදුෂන් ,ලලන්ත නිපුණ කාන්තා සුරාබදු කොප්‍රල් මධුශානි, නියාමක ලක්මාල් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.