Spread the love


නිමල් රාජපක්ෂ-

පුත්තලම ,කරතිව් යන ප්‍රදදේශවල කල සෝදිසි මෙහෙයුම් වලදි රුපියල් කෝටියක් වටිනා තෙන්ඩුකොල තොගයක් ,ලොරියක් සමගින් සැකකරුවන් දෙදෙනකු පසුගියාද පුත්තලම සුරාබදු නිලධාරින් නාවික හමුදාව හා පොලිස් විශේෂ කාරය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් තොන්ඩු කොල තොගයේ තෙන්ඩුකොල කිලෝ 1761 ක් තිබුබව පුත්තලම සුරාබදු ස්ථානාධිපති සුමිත් ප්‍රේමකුමාර මහතා පවසයි.


මෙහිදී කරතිව් ප්‍රදේශයෙන් සුරාබදු නිලධාරින් තෙන්ඩුකොල කිලෝ 125 ක් සමගින් ලොරියක්ද නාවික හමුදාව එක්ව සිදු කොළ වැටලීමකදී වෙන්නප්පුව ප්‍රදේශයෙන් කිලෝ 176 ක්ද , නාවික හමුදාව හා පොලිස් විශේස කාර්ය බලකාය එක්වි තෙන්ඩුකොල කිලෝ1460 ක්ද,
මෙහිදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කොටුකර ගත් තෙන්ඩු කොල තොගයද වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පුත්තලම සුරාබදු දෙපාර්තුමේන්තුවට බාරදී තිිබිණ.


මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා වෙත ඉදිරිපත් කොට එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂ දහයක දඩයක් ගෙවන ලෙස නියම කොට ඇත.
අත්අඩංගුවට ගත් ලොරිය පිළිබද ඉදිරියේදී විමර්ශන පැවැත්වීමට නියමිතයි .
මෙහිදි අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ කොලිටි තත්ත්වයෙන් තිබු තෙන්ඩු කොල කිලෝ 120 ක් ඊයේ ප්‍රසිද්ධ වෙන්දේසියේදී අලෙවි කොට රුපියල් හත් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් රජයට ලබා දීමට පුත්තලම සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.ඉතිරිව තිබු තෙන්ඩු කොල මුහුදු ජලය ගොස් තිබු හෙයින් නියම ප්‍රමිතියෙන් නොතිබු බැවින් අලෙවියට තැබීමට නොහැකි වී තිබේ.


සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්ත මහතාගේ උපදෙස් මත, පුත්තලම සුරාබදු අධිකාරී තිස්ස ගිණිගත්පිටිය මහතාගේ මෙහෙයවීමෙන් , පුත්තලම සුරාබදු ස්ථානාධිපති සුමිත් ප්‍රේමකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක කුමාරසිංහ ,කෝප්‍රල් අජිත් , නියාමකවරුන්වන නිහාල් ,ලක්මාල්,, නුවන්, රමේෂ්, රියදුරු සුරංග යන නිලධාරීහු, නාවික හමුදා බුද්ධි අංශ සමාජිකයින් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු එක්ව මෙම වැටලිම සිදු කළහ.