Spread the love

කොළඹ වරාය බලා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විශාල ගින්නක් ඇති වී තිබේ.

ඉන්දියාවේ ගෝවා සිට නාවුක සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී මෙම ගින්න ඇති වී තිබේ.

යාත්‍රාව ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා ගමන් කරමින් තිබිණ.

නෞකාව කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා මේ වන විට කණ්ඩායම යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.