Spread the love

කොළඹ නගරය ආශ්‍රිතව අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි  අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස ව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට නියමිතය.

එසේම වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රථවාහන නවතා තබා පා ගමනින් එම කලාප වෙත ගමන් කළ යුතුවෙයි

අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා ඒ තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි.