නිමල් රාජපක්ෂ
කොළඹ නගරයේ පවත්වාගෙන ගිය මහා පරිමාන මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් හාරලක්ෂ පනස්දහසක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කොලඹ නගරයේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඅඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු මහේස්ත්‍රාත් වරයා රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කරනලදී.
බස්නාහිර පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නගරය සුරාබදු අධිකාරී තිලක් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.