Spread the love

අද කොළඹට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ
කටයුත්තක් හේතුවෙන් අද (09) පස්වරු 05.00 සිට/ හෙට (10) පෙරවරු 09.00 දක්වා මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට සිදුවෙයි.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 දක්වා ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවනු ඇත.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමැතිය හැකිය.