Spread the love

කොළඹ ප්‍රදේශ කිහිපයක නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) පැය 10 කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයනි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.