Spread the love
කොත්තු කන අයට සුබ ආරංචියක්

පාන් පිටි මිල අඩු කිරීමට සමගාමීව ආපනශාලාවල කෙටි ආහාර සහ කොත්තු රොටිවල මිල ගණන් රුපියල් 10කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය අද (18) ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා,

“පාන්පිටි මිල අඩුවුණා අඩුවීමේ වාසිය අපි ආපනශාලාවල කොත්තු මිල රුපියල් 10ක් එළවළු රොටියේ මිල රුපියල් 10ක්, රෝල්ස් ඒකේ මිල රුපියල් 10ක්, පරාටය, බිත්තර රොටිය රුපියල් 10කින් අඩුකරනවා. මොකද 450ට පිටි තියෙනකොට කොත්තුව ගියා රුපියල් 700.00යට. දැන් පාන්පිට මිල 250 වෙනෙකොට වහාම ඒ මිල ගණන් අඩුවෙන්න ඕනේ. එතකොට මේ අඩුවෙන මිල ගණන් එක්ක වහාම මේ ආපනශාලාවල, බේකරිවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න. මිල ප්‍රදර්ශනය නැති නිසා තමයි හෝටලයට ගිහිල්ලා තේ එක බිපුවාහම ඉල්ලන ගාණ දීලා එන්න වෙන්නේ.”