ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකරයි.
ඒ අනුව අද දිනයේ ඒකක 403.94 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරමින්, දිනය අවසානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් සියලු ඒකක 16,341 ක් ලෙස වාර්තා වී තිබිණ.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 12 සීමාව අභිබවා යාමද තවත් සුවිශේෂී සිදුවීමක් .