Spread the love

අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලුයම නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇත.

තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.