Spread the love

රුපියල් මිලියන 28 ක් වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් දෙදෙනකු සමගින් හමුදාව උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ කිලෝ 70 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වි තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.