Spread the love

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති අතර ජනාධිපතිවරයා එම ලිපිය භාරගෙන ඇති බව සඳහන් .

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි.